විදුහල්පති පණිවිඩය
චූලානි ජයවර්දන
වත්තේගම අධ්‍යාපන කලාපයේ මහා/ වත් /යටි රාවණ මහා විද්‍යාලය දැනුම ආකල්ප කුසලතාවලින් පරිපූර්ණ දරුවන් නිර්මාණය කරමින් දිනෙන් දින ඉදිරියට පා නගන පාසලකි. සියවසකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මෙම විද්‍යාලයෙන් එදා මෙදා තුර දැයට බිහිවූ කීර්තිමත් සිසුන් බොහොමයකි. වර්තමානය තුළ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාස්ත්‍රීය වර්ධනය ඇති කරමින් වසරෙන් වසර ප්‍රතිඵල ඉහළට ගෙන ඒමට හා දරුවන් සමබර පෞරුෂ වර්ධනයකට ආකල්ප හා ගුණධර්ම ප්‍රගුණ කිරීමට ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක්ද ඇත.
නගරයේ ප්‍රධාන පාසල් වලට අභියෝගයක් වෙමින් දරුවන්ගේ නැණ නුවණ වර්ධනයට හා කුසලතා ඔප්නැන්වීමට කැපවන උදාර ගුරුමඬුල්ලකි. සියලු කටයුතු විධිමත්ව ශක්තිමත්ව කරගෙන යාමට දායක වන අනාධ්‍යයන කාර්ය මණ්ඩලයකි. පාසල් ප්‍රජාව හා සුබ පතන්නන්ගෙන් විද්‍යාලයට ශක්තියක්ය.
මෙවන් පරිසරයක් තුළ අප විද්‍යාලයට තොරතුරු තාක්ෂණ අංශයෙන්ද විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති බවද මතක් කළ යුතුය.,නිර්මාණශීලී තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුමැති දරුවා විද්‍යාලයට අභිමානයකි.
එමෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සඳහා පරිගණක විද්‍යාගාරය භාවිතා කිරීම සුවිශේෂී තත්ත්වයකි. පරිගණක උපාංග tablet යන්ත්‍ර ආදී මෙන්ම අන්තර්ජාල පහසුකම් සහ පරිගණක විද්‍යාව හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳව හසල දැනුමැතියි නිපුණ ගුරු බව තුන් අප ලද භෞතික හා මානව සම්පත්ය.
මේ සියලු ශක්තීන් සමඟ නිර්මාණය වන යටි රාවණ මහ විද්‍යාලීය වෙබ් අඩවිය විවිධ පාර්ශ්ව සමග අදහස් තොරතුරු හුවමාරුවේදී ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි.
යටි රාවණ මහා විද්‍යාලීය වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතිය සඳහා සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සියලූම දෙනාට හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර යටිරාවන මහ විද්‍යාලයේ අභිමානය තවදුරටත් වඩ වඩා වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.
චූලානි ජයවර්දන
විදුහල්පති
යටිරාවන මහ විදුහල.






