නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
නිලූකා දර්ශනී
සීතල කඳු රජ දහනේ අභිමානවත් යටරාවන විදු මාතාව ලකබර කිත් පතුරවමින් දිලෙන සඳමඩලක් බඳුය. වසර එකසිය දාහතරක ඉතිහාසයක් පුරා රටට දයට වැඩති දූපුතුන් තනන, අප විදුමාතාවගේ සෙවණෙහි සිප් සතර හදාරන දරු පිරිස දිනෙන් දින ජයග්‍රාහී මාවත කරා පියමනිමින් ගුණ නැණ බෙලෙන් යුතු පරපුරක් බවට පත්වීම ඉමහත් සතුටට කරුණකි.
වර්තමානය වන විට විසි එක්වන සියවසට අවැසි කුසලතා පරිපූර්ණ දරු පරපුරක් බිහි කිරීම ප්‍රමුඛ කොටගත් යටි රාවණ විදුමාතාවගේ නොසැලෙන ශක්තිය ඇදුරු මඩුල්ලයි. මේ මහඟු කාර්යභාරය හමුවේ ආදරණීය ඇදුරු මඩුල්ල අනූපමේය සේවයක් ඉටු කරනු දක්නට ලැබේ.
විශේෂයෙන් මෙහිදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය තුළින් නිසි මඟ පෙන්වීම සිදු කරමින් දරුවන් නිර්මාණශීලී කාර්යයන් සඳහා යොමු කරන විෂය භාර සුදත් බටගල ගුරුතුමාගේ කැපවීම අගය කරමි..
නිලූකා දර්ශනී
නියෝජ්‍ය විදුහල්පති
යටිරාවන මහ විදුහල.






